ඩඩ්ලි හෙට සිට පාලන මිලට සහල් දෙයි

හෙට (19) දිනයේ සිට තමා ඇතුලු සියලුම සහල් නිෂ්පාදකයින් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන පැවසීය.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ කුමන ගැටලුවක් පැවතිය ද හෙට දිනයේ සිට තමන් රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බවය.
අනෙකුත් සහල් ව්‍යාපාරිකයින් ද එම මිලට සහල් නිකුත් කළයුතු බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

