විදෙස් රටවල සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික වෘත්තීකයන් යෙදවීමේ වැඩපිළිවෙලක්

ලොව රටවල් රැසක පවතින සෞඛ්‍ය ක්ෂේත්රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකික වෘත්තීකයන් යොමු කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව හෙද හා සාත්තු සේවා රැකියා සඳහා පුහුණු පාඨමාලා, උපාධි පාඨමාලා පවත්වන ආයතනවල නියෝජිතයින් සමඟ ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ (17) එම අමාත්‍යාංශයේදී පවත්වා තිබුණා.
එහිදී අනාවරණ වී ඇත්තේ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක සාත්තු සේවා රැකියා අවස්ථා 24,000 ක් පමණ පවතින බවයි.

