විශ්වමඩු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් – පාලනයට අහසටත් වෙඩි

විශ්වමඩු ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් – පාලනයට අහසටත් වෙඩි

මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ගැටුමක් හේතුවෙන් මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව සිද්ධිය පාලනය කිරීම සඳහා යුද හමුදාව විසින් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළා.

මෙම කලහකාරී සිද්ධියට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු යුද හමුදාව විසින් සිය භාරයට ගෙන පොලිස් අත්අඩංගුවට පත්කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසියයි පරීක්ෂණ සිදුකරයි.

COMMENTS