ඉදිරි සති දෙකේ විදුලි කප්පාදුවේ වෙනසක්

ඉදිරි සති දෙකේ විදුලි කප්පාදුවේ වෙනසක්

ඉදිරි සති දෙක තුල උදෑසන කාලයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ඉදිරි සති දෙක තුල ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බැවින් තම ඉල්ලීමක් අනුව මහජන උපයෝගීතා කොමිසම මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව ලබන සඳුදා (20) සිට සති දෙකක කාලයක් උදෑසන 8සිට පස්වරු 1 දක්වා කාලය තුල විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති.

COMMENTS