දුම්රියෙන් ඇදවැටි තරුණයෙක් අවාසනාවන්ත ලෙස මියයයි

මාතර දුම්රිය ස්ථානයේ දී තරුණයෙකු දුම්රියට යට වී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
ඊයේ (17) රාත්‍රියේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇත්තේ 23 හැවිරිදි වියෙහි පසුවූ දික්වැල්ල – වැවුරුකන්නල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මාතර සිට බෙලිඅත්ත දෙසට ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රියට ගොඩවීමට උත්සාහ කිරීමේ දී ඉන් බිමට ඇද වැටුණු තරුණයා දුම්රියට යට වී තිබෙනවා.
ඔහු බේරා ගැනීම සඳහා මාතර රතු කුරුස කාර්යාලයේ නිලධාරියෙකු සහ අසල සිටි පිරිස් එක්ව දැඩි පරිශ්‍රමයක් දැරුව ද පැයකට ආසන්න මෙහෙයුමකදී මෙම තරුණයා එළියට ගත්ත ද ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත් ව සිටි බවයි වාර්තා වෙන්නේ.

