මන්ත්‍රී හයිය පෙන්නූ සහෝදරයා පුද්ගලයෙකුට පහරදෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ සහෝදරයෙකු වන ජගත් සමන්ත විසින් ඊයේ (17) පුද්ගලයෙකුට පහරදීමක් සිදුකර තිබේ.
එම පහරදෙන ආකාරය කැමරාවක සටහන්ව තිබුණා.
මෙහිදී අදාළ ඉන්ධන පිරවුම්හලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුට ද අදාළ පුද්ගලයා විසින් පහරදීමක් සිදුකර ඇති අතර පොලිස් සැරයන්වරයා ඒ සම්බන්ධයෙන් පොලිසියට කරුණු වාර්තාකර තිබෙනවා.
ඒ අනුව ඔහුට පොලිසියට වාර්තා කරන ලෙසට දැනුම්දී ඇති බවයි පොලිසිය පැවසුවේ.

