ඉන්ධන පිරවුම්හල් අසල කලහාකාරී වුණොත් පොලීසියට බලය

ඉන්ධන පිරවුම්හල් අසල කලහාකාරී වුණොත් පොලීසියට බලය

පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පිරහුම් හල ආසන්නයේ කලහාකාරී සිද්ධීන් රැසක් වාර්තා වුණා.

කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලිසියට උපදෙස් දී ඇත්තේ ඉන්ධන පිරවුම්හල් ආසන්නයේ කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අවම බලය භාවිතා කරන ලෙසයි.

එවැනි කලහාකාරී සිදුවීම් හමුවේ නීතිය හා සාමය ආරක්ෂා කර කරගැනීම අරමුණ කරගෙන මෙම උපදෙස ලබාදී තිබේ.

එමෙන්ම අවශ්‍ය අවස්ථාවල පොලිසිය අමතරව යුද හමුදාවේ සහාය ලබා ගැනීමට ද අමාත්‍යංශය තීරණය කර තිබේ.

කෙසේ වෙතත් සාමකාමී උද්ඝෝෂණ වලට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසද දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ