රට යන්නැත්නම් පාස්පෝට් ගන්න එපා

ජනවාරි මාසයේ සිට මේ දක්වා ගමන් බලපත්‍ර තුන්ලක්ෂ පනස් දහසක් පමණ නිකුත් කර ඇතත් ඒ අතරින් පහු ගිය මාස හය තුල විදේශ ගතව ඇත්තේ හැටදහසක් පමණ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
හදිසි අවශ්‍යතාවක් නොමැති නම් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට මෙම කාල සීමාවේදී අයදුම් නොකරන ලෙස දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අංශයේ ආගමන විගමන පාලක ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

