ජනාධිපති කාර්යාලයට යන මඟ අවහිර කළ සැකකරුවන්ට ඇප

ජනාධිපති කාර්යාලයට ඇතුලුවන පිවිසුම් දෙක සහ මුදල් අමාත්‍යාංශය මෙන්ම මහා භාණ්ඩාගාරයට පිවිසීම සඳහා භාවිත කරමින් තිබූ දොරටු දෙක අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ ඔවුන් කොළඹ – කොටුව මහේස්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ පෞද්ගලික ඇප මත මෙම සැකකරුවන් නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
අත්අඩංගුවට ගත් මෙම පිරිස අතරට හිමි නමක්, කාන්තාවන් හතරදෙනෙකු සහ පිරිමි 16 දෙනෙකු අයත් වනවා.
කොළඹ ලෝටස් මාර්ගය දෙසින් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසෙන පිවිසුම් දෙක සහ මුදල් අමාත්‍යාංශයට පිවිසෙන පිවිසුම අවහිර කරමින් අරගලකරුවන් ඉදිකළ අට්ටාල ඉවත් කිරීමට අද පෙරවරුවේ පොලිසිය පියවර ගත්තා.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ භික්ෂූන් වහන්සේ නමක, කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.
පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ අද පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට බාධා වන ලෙස මෙලෙස අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ මුදල් අමාත්‍යාංශයේ පිවිසුම් අවහිර කිරීමට පියවර ගෙන තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

