පිය පදවිය ලැබූ මෙන්ඩිස් හෙට සුපුරුදු ලෙස තරඟ බිමට

පිය පදවිය ලැබූ මෙන්ඩිස් හෙට සුපුරුදු ලෙස තරඟ බිමට

ඊයේ (19) ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින තරගය අතරතුර පාදයේ සුළු ආබාධයකට ගොදුරු වූ කුසල් මෙන්ඩිස් හෙට පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තා වනවා.

කුසල් මෙන්ඩිස් ඊයේ පැවති තරගයේදී ලකුණු 87ක් රැස්කර සිටියදී සිය ඉනිම නවතා නැවත ක්‍රීඩාගාරයට පියමැන්නේ පාදයේ මතුවූ ආබාධයක් හේතුවෙන්.

මේ අතර කුසල් මෙන්ඩිස් ගේ බිරිඳ ඊයේ ඔවුන්ගේ පළමු දරුවා බිහි කළ බවත් වාර්තා වෙනවා.

එමෙන්ම හෙට තරගයේදීත් ආරම්භක පිතිකරු ලෙස නිරෝෂන් දික්වැල්ල ක්‍රීඩා කරණු ඇති.

ඒ මෙම තරගාවලිය පුරාම පැතුම් නිස්සංක සමග ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක මුහුණ දුන් පාදයේ ආබාධය මේ දක්වා සුව වී නොතිබීම හේතුවෙන්.

බොහෝ දුරට ධනුෂ්ක ගුණතිලක ට ඉදිරි තරගාවලියම අහිමි විය හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය කණ්ඩායම් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.