භූමිතෙල් මිලත් ඉහළට ?

භූමිතෙල් මිලත් ඉහළට ?

මේ මාසය අවසන් වීමට පෙර භූමිතෙල් ලීටරයක මිල ඉහළ දැමීමට සිදුවන බව ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ වන විට භූමිතෙල් ලීටරයක් අලෙවි වන්නේ රුපියල් 87.00 ක මිලකටයි.

ඒ අනුව සෑම භූමිතෙල් ලීටරයකින් ම ඛනිජ තෙල් සංස්ථාව දළ වශයෙන් රුපියල් 283.00 පාඩුවක් ලබන බව ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියා.

මේ වන විට රට තුළ උද්ගත වී ඇති තත්ත්වය අනුව තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාවට එම අලාභය දරාගත නොහැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ