සීනි මිලට ආයෙත් වැඩේ වෙන්නයි යන්නේ

සීනි මිලට ආයෙත් වැඩේ වෙන්නයි යන්නේ

තායිලන්තයෙන් සීනි ආනයනය කිරීමට සිදු වුවහොත් වෙළඳපොලේ සීනි මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ යා හැකි බවයි ආනයනකරුවන් පෙන්වා දෙන්නේ. දැනට වෙළඳපොළේ සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 265ත් 300ත් අතර මිලකටයි.

වෙළඳපොලේ සීනි මිල ඉහළයාමක් වාර්තා වූයේ ඉන්දියාව විසින් ජාත්‍යන්තර වෙළඳපොළට සීනි ඇතුළු තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් අපනයනය නතර කිරීම හේතුවෙන්.

යුක්රේන අර්බුදය ඇතුළු තවත් කරුණු කිහිපයක් මත ඉන්දියාව සීනි, තිරිඟු ඇට ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් අපනයනය අත්හිටුවනු ලැබුවා.

COMMENTS