ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 5.75ක ආධාරයක්

ඇමරිකාවෙන් තවත් ඩොලර් මිලියන 5.75ක ආධාරයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්වූ ජනතාවගේක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජනපද රජය තවත් ඩොලර් මිලියන 5.75ක මානුෂීය ආධාරයක් ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම මානුෂීය ආධාරය මුදල් ආධාර, කෙටි කාලීන රැකියා සහ අර්බුදයෙන්පීඩාවට පත් ජනතාවට ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා කෘෂිකාර්මික සැපයුම් සෘජුවම ලබා දෙනු ඇති බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානුතා නාපතිකාර්යාලය පවසයි.
මෙම අර්බුදකාරි වාතාවරණය යටතේ ඇමෙරිකාව විසින්කෙටි කලත්තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන්

ප්‍රකාශ කළ තෙවැනි අරමුදල මෙය වෙයි. මීට ප්‍රථම ඇමෙරිකානුඩොලර් මිලියන 120ක ණයක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක මානූෂීය ආධාර ඇමෙරිකාව විසින්ප්‍රකාශයට පත් කළේය. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා මෙම නව ප්‍රදානය සිදු කරයි.

COMMENTS