ධම්මික අද දිවුරුම් දෙයි – පාර්ලිමේන්තුවත් අද පමණක් රැස්වෙයි

ධම්මික අද දිවුරුම් දෙයි – පාර්ලිමේන්තුවත් අද පමණක් රැස්වෙයි

මෙම සතියේ පාර්ලිමේන්තුව අද (22) දිනයේ පමණක් රැස්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී එම තීරණය ගත් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවා.

පවතින ඉන්ධන හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

පාර්ලිමේන්තුව මේ සතියේ ඊයේ දින සිට ලබන 24 වැනි දින දක්වා රැස්වීමට යි මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී තිබුණේ.

මේ අතර, ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතයි.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු හිස් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ඔහු අද පාර්ලිමේන්තුවේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙනවා.