ජොනීට නොතීසි

ජොනීට නොතීසි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන්දෙනෙකුට ලබන මස 4 වනදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද සිතාසි නිකුත් කෙරුණා.

ඒ, 2010 වසරේ දී සතොස සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගත් බව කියන සිද්ධියට අදාළ ව අල්ලස් කොමිසම පැවරූ නඩුවට අදාළව යි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

මීට අමතර ව 9 වැනි දා සිද්ධිය පිළිබඳ ද ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබෙනවා.

ඊට අදාළව තමාව අත් අඩංගුවට ගැනීම වළක්වන ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු කළ ඉල්ලීම ද අධිකරණය විසින් ඉවත දැමුවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහි ව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවකින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.