තෙල් නැතිව සෞඛ්‍ය මහපාරේ

තෙල් නැතිව සෞඛ්‍ය මහපාරේ

රටපුරා රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා සිකුරාදා දිනයේදී ඉන්ධන පිරවුම්හල් 84ක් වෙන්කර තිබුණත්, ඒවායින් නිසි පරිදි ඔවුන් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලුකාරී තත්වයක් මතුව තිබිණි.

තම පිරවුම්හල සිකුරාදා දිනයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වෙන්කර ඇති බවක් නොදන්නේ යැයි ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන් එහි ගොස් සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත දැනුම් දී තිබූ අතර, ඒවායින් වෙනත් පුද්ගලයින්ටත් ඉන්ධන ලබාදීම සිදුකිරීමෙන් හා ඇතැම් පිරවුම්හල් වෙත ඉන්ධන නොලැබීම හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දිනය පුරා පෝලිම්වල රැඳී සිටීමට සිදුව තිබිණි.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල, මහරගම පිළිකා රෝහල ඇතුළු දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක දෛනික ප්‍රතිකාර කටයුතුවලට බාධා එල්ල වූ බව ද වාර්තා වේ.

ඇතැම් වෛද්‍යවරුන් තම වාහන පෝලිම්වල තබා වෙනත් අයකුට බලාගන්නා ලෙස පවරා රෝහල්වලට ගොස් ප්‍රතිකාර කටයුතුවල නිරත වී ඇති අතර, පෙරදින රාත්‍රී සේවයේ සිටි කාර්ය මණ්ඩල යළිත් අද රාත්‍රී සේවයට වාර්තා කළ යුතුව තිබියදී මේ වන තුරුත් ඉන්ධන පිරවුම්හල් අසල රැඳී සිටිති.

මේ අතර පුත්තලම මූලික රෝහලේවෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේපිරිසක් ඉන්ධන ලබා ගැනිමට පෝලීම් වල රැඳීසිටියත් ඉන්ධන නොලැබුනිසා අද( 24දා) දහවල් පුත්තලම කුරුණෑගල මාර්ගය රෝහල ඉදිරිපිටින් වසා දමා විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

පසුව දහවල් වන තුරුත් පෙට්‍රල් ලබා නොදිමට විරෝධය දක්වා රෝහලේ රැදි සිටි හෙද හෙදියන්හා සෙසු වෛද්‍ය කාර්ය මණ්ඩල තාවකාලිකව රෝහල් කටයුතු වලින් ඉවත්විම සිදුව තිබුනේ තමන්ට පිළිතුරක් නොලැබිම නිසාවෙනි.

නමුත් පසුව මේ සදහා පිළිතුරක් නොමැතිවිම හේතුවෙන් රෝහල්කාර්ය මණ්ඩල පිරිසක් පුත්තලම කුරුණෑගල මාර්ගය රෝහල ඉදිරිපිටින් වසා දැමිම සිදුවිය.