කැන්ගරුවන් අද ගෞරවය බේරාගැනීමේ සටනක

කැන්ගරුවන්  අද ගෞරවය බේරාගැනීමේ සටනක

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පස්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද පස්වරු 02.30 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරඟය ආරම්භවීමට නියමිතව තිබෙනවා.

තරඟ පහකින් යුත් තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 3 ට 1 ක් ලෙස මේ වන විටත් ජයගෙන අවසන් අතර අද තරඟය තරඟාවලියේ ප්‍රතිඵලයට බාධාවක් වන්නේ නැහැ.

අද තරගයේදී පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විවේක ගැන්වීමට බොහෝ දුරට ඉඩ ඇති අතර එහිදී විශේෂයෙන් කුසල් මෙන්ඩිස්ට සහ වනිදු හසරංගට අද තරගයේදී විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හි අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ. ඒ අනුව දිනේෂ් චන්දිමාල් සහ අශේන් බණ්ඩාරට අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

COMMENTS