ජෙහාන් අප්පුහාමි ඇතුළු සිව් දෙනෙකුට ඇප හිමිවෙද්දී රැට්ටා ඇතුළු පිරිසක් තවදුරටත් රිමාන්ඩ්

කොළඹ – කොටුව සහ තලංගම ප්‍රදේශවල මේ මස 09 සහ 10 යන දිනවල ඇතිවූ කළහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 4 දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) ඇප නියම කළා.
ඒ අනුව, රංගන ශිල්පීන් වන ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි සහ ධම්මික මුණසිංහ හා එරංග ගුණසේකර මෙලෙස ඇප මත මුදා හැර ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි සහ ළහිරු වීරසේකර තවදුරටත් ලබන මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

