ලබන සතියේ පාසල් ආරම්භ කිරීම ගැන තීරණක් ගන්න අද සාකච්ඡා

ලබන 27 වනදායින් ආරම්භ වන සතිය තුළ පාසල් පැවැත්වීම පිළිබඳව අද (25) දිනයේදී පළාත් අධ්‍යාපන බලධාරින් සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.
ඉන්ධන ගැටලුව සළකා දිවයින පුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් පසුගිය සතියේදී නොපැවැත්වීමටයි තීරණය කෙරුණේ.
අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව ප්‍රකාශයට පත් කළේ එම අමාත්‍යාංශයේ නිලධාරින් හා පළාත් අධ්‍යාපන නිලධාරින් සමග මාර්ගගත ක්‍රමයට පසුගිය සෙනසුරාදා සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි.
එහිදී ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධයෙන් සුදුසු පරිදි කටයුතු කිරීමට සියලු පළාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර ලබා දී තිබුණා.
පසුගිය සතිය තුළ සිදු වූ ක්‍රියාවලිය අවධානයට යොමුකර එය සමාලෝචනයට ලක් කිරීමෙන් පසු අධ්‍යාපන බලධාරීන් අද රැස්වී ලබන සතියේ වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර, පවතින ඉන්ධන අර්බුදයට විසඳුමක් සහිත තීරණයකට අධ්‍යාපන බලධාරීන් අද එළඹිය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියා.

