දිනෙන් දින ඔඩුදුවන ඉන්ධන අර්බුදය – ජනතාව අදත් තෙල් ඉල්ලා පාරට

ඉන්ධන ඉල්ලා සිදු කරන විරෝධතාවක් හේතුවෙන් කොළඹ – ආමර් වීථිය සහ හැටන් – මල්ලිවෙප්පු ප්‍රදේශයෙන් මාර්ගය අවහිර වී තිබෙනවා.
දින ගණනාවක සිට සිය ප්‍රදේශයට කිසිදු ඉන්ධනයක් නොලැබුණු බවයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.
තෙල් ලබා ගැනීමට සති ගණනාවක සිට පෝලිමේ සිටිමින් රැකියා කටයුතු පවා මේ වනවිට අඩාල වී ඇති බව ද විරෝධතාකරුවන් ප්‍රකාශ කළා.
මෙරට තුළ ඉහළ ගොස් ඇති උද්ධමනය මත මේ වනවිට රටේ විවිධ ක්ෂේත්රවල අර්බුද රැසක් හටගෙන තිබෙනවා.
එහි ප්‍රධානතම සහ උච්චතම අර්බුද වන්නේ බලශක්ති ගැටලුවට සාමාන්‍ය ජනයා මුහුණ පෑමයි.
ඩොලර් හිඟය හේතුවෙන් රටට පැමිණෙන ඉන්ධන නෞකා හෝ ගෑස් නෞකා මිලදී ගැනීමටවත් මෙරට රජයට නොහැකි වී තිබෙනවා.
ඒ හේතුවෙනුයි දිනෙන් දින ඉන්ධන , ගෑස් ඉල්ලා ජනතාව වීදි බසින්නේ
මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක ඉන්ධන තොගය රැගත් නෞකාවේ පැමිණීම තවදුරටත් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.




