බොරතෙල් මිල යළි ඉහළට

බොරතෙල් මිල යළි ඉහළට

පසුගිය දින කිහිපය තුළ සුළු පහත වැටීමක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (24) යළි ඉහළ ගියා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 111 ක මට්ටමේ පැවති අතර, පෙරේදා එය ඇමෙරිකානු ඩොලර් 106 දක්වා පහත වැටුණා.

ලෝක වෙළඳපොලේ මිල පසුගිය වසරේ දෙසැම්බරයේ සිටම පෙන්නුම් කළේ වැඩිවීමක්.