ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළට

ඉන්ධන මිල යළි ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා මේ වනවිට අය කෙරෙන රුපියල් 100 ක ගාස්තුවේ වෙනසක් නොවන නමුත් දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 80 ක ගාස්තුව රුපියල් 90 දක්වා වැඩි කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර ප්‍රකාශ කර තිබේ.
පෙට්‍රල් මිල ඉහළ ගිය ද අයාලේ ගාස්තු වැඩි කිරීමක් සිදු නොකරන ලෙසට කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

