හොර පාරෙන් ඔස්ට්‍රේලියාවට ගියොත් වැඩ වරදී

මේ වසරේ ගත වූ කාලය තුළ නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 399 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එලෙස සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයින් 91 දෙනෙකු පසුගියදා මෙරටට පිටුවහල් කර තිබු අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ගොස් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගතහොත් එම බෝට්ටු ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් ගිනි තබා විනාශ කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

