තෙල් ගන්න පෝලිමේ ඉන්න අයට ටෝකන් ක්‍රමයට තෙල්

තෙල් ගන්න පෝලිමේ ඉන්න අයට ටෝකන් ක්‍රමයට තෙල්

ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හල් වෙත පැමිණෙන ජනතාවට හෙට ( 27) දිනයේ සිට ටෝකන් පතක් නිකුත් කිරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (ජූනි 26) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මේ සඳහා සෑම ඉන්ධන පිරවුම්හලකට ම ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක නිලධාරීන් යොද වන බව ය.

එම ටෝකන් පත ලබා දීමේදී අදාළ පුද්ගලයාගේ දුරකතන අංකය සටහන් කර ගෙන එය ලබා දීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

“ඔවුන්ට ටෝකන් එක දෙනවා ඉන්න පිළිවෙලට. ඒ ටෝකන් එක දෙනකොට දුරකතන අංකය ලබා ගෙන තමයි ඒ ටෝකන් එක දෙන්නේ වෙනස් කරන්න බැරි වෙන විදිහේ ටෝකන් එකක්. ඒ පිරවුම්හලට අවේණික වෙන විදිහට දෙන්නේ.

ඒ පෝළිමේ ඉන්න ජනතාවට ඉන්ධන බවුසරයක් ලැබුණහම ඒකේ ලෝඩ් එක 6600යි නම්, ඒක ලීටර 30 ගාණේ නම් දෙන්න පුළුවන් ලීටර 30 දෙන්න පුළුවන් වාහන 220ට නම් අර පළවැනියට ඉන්න 220ට කතා කරලා දැනුවත් කිරීම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි දින කිහිපයේ මේක කලමණාකරණය වනතුරු.” යනුවෙන් පවසයි