බීමතින් අධිවේගයේ යතුරුපැදියකින් ගිය කොස්තාපල්

අධිවේගී මාර්ගයට යතුරුපැදියක් ධාවනය කර රිය අනතුරක් සිදුකළ බවට පොලිස් කොස්තාපල්වරයෙකු දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේ.
කොතලාවල පිවිසුමෙන් අධිවේගී මාර්ගයට සිය යතුරුපැදිය ඇතුළු කර ඇති ඔහු පොලිස් අණ නොතකා කොට්ටාව දෙසට ගමන් කර යළි යතුරුපැදිය හරවා කඩවත දෙසට ගමන් කිරීමේ දී මෝටර් රථයක ගැටී අනතුරට ලක්ව ඇති බව සඳහන්.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 02ක පමණ දුරක් සිය යතුරුපැදිය ධාවනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරින් මෝටර් රථයට හා යතුරුපැදියට හානි සිදුව තිබෙනවා.
බෙම්මුල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

