රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම තවදුරටත් සීමා කෙරේ

රජයේ කාර්යාල වෙත සේවකයින් කැඳවීම තවදුරටත් සීමා කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව රාජකාරී කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය අවම කාර්ය මණ්ඩලයක් පමණක් සේවා ස්ථාන වෙත කැඳවීමට ආයතන ප්‍රධානීන් ට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම හැකි සෑම අවස්ථාවක දී ම සේවකයින්ට නිවසේ රැඳී සිටිමින් ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගැනීමටත් ආයතන ප්‍රධානීන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව ද එම චක්‍රලේඛයෙන් දැක්වෙනවා.
රාජ්‍ය පරිපාලන ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ විසින් එම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.


