ඉන්ධන අර්බුදයෙන් පාසල් තවදුරටත් වැසෙයි

කොළඹ කලාපයේ සහ බස්නාහිර පළාතේ නගරබද පාසල් සහ සෙසු පළාත් වල නගරබද පාසල් ජූලි මස 10 වැනිදා දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇත.
සෙසු පාසැල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැක.
ඇති වී තිබෙන ඉන්ධන අර්බුදය මත මෙම බියවර ගත් බව කැබිනට් ප්රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

