බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට

අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බහලුම් ප්‍රවාහන ගාස්තු 10% කින් වැඩි කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි.
ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව එලෙස ප්‍රවාහන ගාස්තු ද ඉහළ නැංවීමට පියවර ගත් බවයි.

