වෙළඳපොලට අද සිට එන අලුත් හාල

වෙළඳපොලට අද සිට එන අලුත් හාල

වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගි කර ගනිමින් සකස් කළ PMB RICE වෙළෙඳපොළට නිකුත් කිරීම නිල වශයෙන් අද (ජූනි 27) සිට කෘෂිකර්ම ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.

කෘෂිකර්ම ඇමතිවරයාගේ උපදෙස් පරිදි වී අලෙවි මණ්ඩලය PMB RICE වෙළෙඳ නාමය යටතේ මෙම සහල් නිකුත් කරනු ඇත.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් මෙම සහල් නිකුත් කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එමෙන් ම, PMB RICE නමින් කිලෝග්‍රෑම් 05 හා 10 ප්‍රමාණයෙන් සකස් කළ සහල් ම අලෙවි කිරීමට ද සකස් කර ඇත.

සහල් පිළිබඳව රජයේ පාලන මිලට වඩා යම් තරමක් හෝ අවම මිලක් යටතේ මෙම සහල් අලෙවි කිරීමට වී අලෙවි මණ්ඩලය අපේක්ෂා කරන බව එහි සභාපති නීල් ද අල්විස් සඳහන් කර තිබේ.

මෙසේ අලෙවි කරන ලද සහල්වල මිල පවතින මිල ගණන්වලට වඩා අඩු බව ත්, මෙම මිල ගණන් අලෙවි මධ්‍යස්ථානය විවෘත කරන අවස්ථාවේ දී ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවැසීය.