ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමට කැබිනට් අනුමැතිය

ඉන්ධන පිරවුම්හල් පෞද්ගලික අංශයට ලබාදීමට කැබිනට් අනුමැතිය

තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ඉන්ධන ආනයනය සහ සිල්ලර විකුණුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව අදාළ සැපයුම්කරුවන් තෝරාගනු ලබන්නේ ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව මත සහ මෙහෙයුම්වල පළමු මාස කිහිපය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බැංකු වෙතින් විදේශ විනිමය අවශ්‍යතා නොමැතිව ක්‍රියාත්මකවීමේ පදනම මත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

එම සමාගම්වලින් සේවා ගාස්තුවක් අය කරමින්, සැපයුම්, තොග සහ බෙදාහැරීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සේවා සපයන බවත් දැනට Ceypetco සතුව පවතින පිරවුම්හල් 1190 තුළින් තෝරාගත් අලෙවිසැල් මෙන්ම ලංකා IOC සහ තෝරාගත් නව සමාගම් සඳහා නව අලෙවිසැල් ලබාදීමටද යෝජනාවී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම පිරිපහදු කටයුතු ඛනිජ තෙල් සංස්ථාව මඟින් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.