ගෑස් ටැංකි වලින් ගාලු පිටිය සරසයි

ගෑස් ටැංකි වලින් ගාලු පිටිය සරසයි

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර හෙට (29) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සිලින්ඩර තබාගෙන ජනතාව අද (28) දිනයේ ද පෝලිමේ රැදී සිටියහ.

මෙම පෝලිම් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ තරඟ නැරඹීමට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට නුහුරු නුපුරුදු තත්ත්වයක් වීම නිසා ඔවුහූ ඒ පිළිබඳව ශ්‍රී ලාංකිකයින්ගෙන් දැඩි උනන්දුවෙන් විමසති.

ගෑස් පාරිභෝගිකයන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වටා ගෑස් සිලින්ඩර තබාගෙන පෝලිමේ රැදී සිටින ආකාරය ඡායාරූප වල දැක්වේ.