ජනමාධ්‍ය ආයතනත් ඉන්ධන ඉල්ලයි – ජනමාධ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් නෙවෙයිද ?

ජනමාධ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබාදෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ බලශක්ති අමාත්‍යාංශයට ඉල්ලීමක් ලැබී තිබෙන බවට වාර්තා වී තිබේ.
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට ඒ බව ප්‍රකාශ කර ඇත.
මේ වනවිට ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා තිබේ.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව, ප්‍රවාහන, සෞඛ්‍යය, ගුවන්තොටුපළ, දුම්රිය, වරාය සහ ත්‍රිවිද හමුදාව වැනි හඳුනාගත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.
රෝහල් සඳහා අවශ්‍ය ඉන්ධන පමණක් මේ වන විට නිකුත් කරමින් ඇතැයි ද, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කළේ ය.
මෙම අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට ජනමාධ්‍ය ඇතුළත්ව නොමැත.
එහෙත් 24 පැයේම ජනතාව වෙත සියලුම තොරතුරු වාර්තා කරන්නේ, මෙරට ජනමාධ්‍යයයි.
සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි.
ජනමාධ්‍ය අමාත්‍යවරයා ද වන ඔහු ජනමාධ්‍ය වෙත ඛනිජ තෙල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් හෝ නිවේදනයක් නිකුත් කර නොමැත.

