විදේශ ගතවන කාන්තාවන් සඳහා අවශ්‍ය විගමනික පවුල් පසුබිම් වාර්තාව ඉවත් කෙරේ

මින් ඉදිරියට ගෘහ සේවයේ රැකියා සඳහා විදේශ ගතවන කාන්තා විගමනිකයන්ගේ පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මීට පෙර වයස අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන් සිටින කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේ දී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබුණා.
මෙම වාර්තා ඉදිරිපත් කිරීමේ දී ඇතැම් කාන්තාවන් දුෂ්කරතාවලට මුහුණ දී ඇති අතර, නීතිවිරෝධී මාර්ග ඔස්සේ විදේශගත වීමේ දී ගැටලු රැසකට මුහුණ පෑමට සිදු ව ඇති බව යි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඊයේ කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ.

