අද සෞඛ්‍ය වර්ජනයට පරිපූරක වෘත්තිකයෝ නැහැලු

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අතුරු සෞඛ්‍ය සේවා කිහිපයක් අද ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය සඳහා වෛද්‍ය රසායනාගාර වෘත්තීය වේදීන් ඇතුළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ සහභාගී නොවන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.
එබැවින් සියලුම රසායනාගාර සේවාවන්, ඖෂධ, විකිරණ සහ චිකිත්සක සේවාවන් බාධාවකින් තොරව සපයන බව සදහන් කරයි.

