නන්දලාල් ගැන රනිල් තීරණයක් ගනී

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමට අදාළ නිර්දේශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරනු ලැබ තිබේ.
වත්මන් මහ බැංකු අධිපතිවරයාගේ නිල ධූර කාලය හෙටින් (30) අවසන් වීමට නියමිත ය.
තමන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය භාර ගත්තේ මාස දෙකක කාලයක් සඳහා නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
බීබීසී ලෝක සේවය සමග අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ, තවදුරටත් මහ බැංකු අධිපති ධූරයේ කටයුතු කිරීම සඳහා තමන් කැමැති බව බලධාරීන්ට දන්වා ඇති බව ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අප්‍රේල් මාසයේදී වැඩ භාරගනු ලැබීය.

