ආයෝජකයින්ගේ වීසා වසර පහකින් දීර්ඝ කිරීමේ වැඩපිළිවෙළක්

මෙරට ආයෝජකයින් සදහා වසරක කාලයකට ලබාදී තිබූ වීසා බලපත් කාලසීමාව වසර 5ක් දක්වා දීර්ඝ කිරීමේ වැඩපිළිවෙල අද ආරම්භ කෙරුණා.
ඒ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දී ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී සංකේතාත්මකව ඊට අදාළ පළමු සහතික පත්‍රය ලංකා අයි. ඕ. සී. කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා වෙත ලබාදීම ද සිදුකෙරුණා.

