පළමු ටෙස්ට් තරඟයේ ජය කැන්ගරුවන්ට

පළමු ටෙස්ට් තරඟයේ ජය කැන්ගරුවන්ට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරඟය පහසුවෙන් ජය ගැනීමට අද සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.ඒ කඩුළු 10කින්.

මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලකුණු සංඛ්‍යාව 212ක් රැස්කර ගත් අතර, ඕස්ට්‍රේලියානු පිල සියලුදෙනා දැවී ලකුණු 321 රැස්කර ගැනීමට සමත් විය.

ඒ අනුව ලකුණු 109ක් ඉදිරියෙන් සිටීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකි විය.

අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී රැසකර ගත හැකි වූයේ ලකුණු 113ක් පමණීයි.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩයාම ලකුණු 5ක් රැස්කර ගත යුතුව තිබුනු අතර, ඕස්ට්‍රේලියානු පිල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 10ක් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය.

තරගයේ වීරයා සම්මානය කැමරන් ග්‍රීන්ට හිමිවිය.