මුහුදු රළට සරසවි සිසුවෙක් බිලිවෙයි

මුහුදු රළට සරසවි සිසුවෙක් බිලිවෙයි

බෙලිවත්ත සීතගල්ල ස්වාභාවික මුහුදු තටාකයේ දිය නාමින් සිටි විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙක් මුහුදට ගසාගෙන ගොස් ඇති අතර ඉන් එක් අයෙකු අතුරුදන්ව ඇත.

එක්වරම මුහුදු රළ තටාකයට පතිත වී ඔවුන් තිදෙනා ව තටාකයෙන් පිටත මුහුදට ඇදී යාමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබමින් සිටි ගාල්ල තල්ගම්පල ප්‍රදේශයේ පදිංචි පංකජ ජයෝද නැමැති 22 හැවිරිදි තරුණයෙක් වන අතර දිවි බේරාගත් සිසුන් දෙදෙනා මේ වනවිට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

ඊයේ (02) උදෑසන මෙම සිසුන් තිදෙනා රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තවත් ශිෂ්‍ය කණ්ඩායමක් සමග සීතගල්ල ස්වාභාවික නාන තටාකයට පැමිණ තිබේ.

එම පිරිසෙන් කිහිපදෙනෙකු මෙම ස්වාභාවික මුහුදු තටාකයේ පිහිනමින් සිටින අතරතුර එක්වරම මුහුදු රළ ගලා ඒමෙන් මෙම අනතුරසිදුවී තිබෙන අතර ප‍්‍රදේශවාසින් සහ දික්වැල්ල පොලීසිය එක්ව අතුරුදන් වු සිසුවා සෙවීමේ මෙහෙයුම් සිදුකරන බවට තොරතුරු වාර්තා වී ඇත.