ලාරාගේ වාර්තාවක් බුම්රා කඩයි

ලාරාගේ වාර්තාවක් බුම්රා කඩයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක බ්‍රයන් ලාරා ටෙස්ට් තරගයක පන්දු වාරයක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බිඳ හෙලීමට ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා ඊයේ (02) සමත් විය.

ඒ බර්මින්හැම් හි එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පස්වන ටෙස්ට් තරඟයේ පළමු ඉනිමේදියි.

පන්දු වාරයකදී ලකුණු 28 ක් රැස් කර ගනිමින් ලාරා තබා තිබූ වාර්තාව බුම්රා විසින් මෙලෙස බිඳ හෙලනු ලැබුවේ ලකුණු 35 ක් රැස් කර ගනිමිනි.