ඉන්ධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඉන්ධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

ඉන්ධන මිල දී ගැනීම, බෙදා හැරීම සහ ඉන්ධන බෙදා හැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර කවරේ ද යන්න පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වන දාට පෙර අධිකරණය වෙත්ත ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (ජූලි 4) කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

විජිත් මළල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබ ඇත.