දුර්ලභ ගණයේ මිණිමුතු මෝරෙකුගේ සිරුරක් මුලතිව් වෙරළට

දුර්ලභ ගණයේ මිණිමුතු මෝරෙකුගේ සිරුරක් මුලතිව් අලම්පිල් වෙරළට ගොඩගසා තිබෙනවා.
පෙරේදා (02) පස්වරුවේ මෙම සත්ත්වයාගේ සිරුර ගොඩට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සත්ත්වයා අඩි 20ක් පමණ දිගින් යුතු කිලෝග්රෑම් 2500ක් බැරැති සත්ත්වයෙක් බවයි වාර්තා වන්නේ.
බෝට්ටු එන්ජිමකට හසුවී මෙම සත්ත්වයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ධීවරයින් පවසනවා.
මුලතිව් ධීවර නිලධාරින් පැමිණ මෙම සත්ත්වයාගේ සිරුර බැකෝ යන්ත්රයක ආධාරයෙන් වළලා තිබෙනවා.


