බස් ධාවනය ඉතා අඩු මට්ටමක

බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසක බස් ධාවනයටද ඉන්ධන අර්බුදය දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. විශේෂයෙන් පෞද්ගලික බස් රථ ධාවනය සිදු කෙරෙන්නේ ඉතා අඩු මට්ටමකයි.
එහෙත් අද දිනයේදී පෞද්ගලික බස් ධාවනය යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට කටයුතු යොදා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.
මේ අතර පසුගිය දිනවල ලංගම ඩිපෝ 105 කින් පෞද්ගලික බස් රථ 5500 කට ඉන්ධන නිකුත් කර තිබුණද මගී ප්‍රවාහනයට යොදවා තිබුණේ තුන්දහසක් පමණක් බවයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ.
අද දිනයේද පෞද්ගලික බස් රථ දහඅට දහසක් ධාවනය කිරිමට නියමිතව තිබුණද ධාවනය වන්නේ බස් රථ දහසකටත් අඩු සංඛ්‍යාවක් බවයි වාර්තා වෙන්නේ.

