ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 70%ට යා හැකියි – නන්දලාල්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය 70%ට යා හැකියි – නන්දලාල්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරියේදී මෙරට උද්ධමනය 70%ක් දක්වා ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසේකර මහතා පවසයි.

අද (ජූලි 7) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ, මේ වන විට උද්ධමනය 50% පමණක් වන බව ය.

මේ වන විට වැඩි වී ඇති උද්ධමන සහ ඉදිරියේදී වැඩි වන උද්ධමනය හේතුවෙන් අඩු ආදායම්ලාභීන් පීඩාවට පත් විය හැකි බවට ද ඔහු අනතුරු ඇඟවීය.

මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, උද්ධමනය අධිඋද්ධමන තත්ත්වයට පත් වුවහොත් කිසිදු සුළු හෝ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සිදු කර ගෙන යාමට නොහැකි බව ය.

උද්ධමනය පාලනය කිරීම සහ එය රැක ගැනීම වැදගත් වන අතර ඒ හේතුවෙන් මහ බැංකු පොලී අනුපාතික වැඩි කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.