22 වැනිදාට කලින් වැඩි මිලට ඉන්ධන නෞකාවක් ගැනීමේ තීරණයක්

ඉන්ධන අර්බුදය මඟ හරවා ගැනීම සඳහා ලබන 22 වනදාට පෙර වැඩි මිල මිලට පෙට්‍රල් නෞකාවක් මිලදී ගැනීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඊට අදාළව පෙර ගෙවීම් ද සිදු කළ බවයි ඔහු කියා සිටියේ.
ලබන 13 වනදා දිවයිනට පැමිණෙන ඉන්ධන නෞකාව වෙනුවෙන් වැඩි මුදලක් ගෙවීමට සිදුව තිබෙන බවත් එසේ නොවුණහොත් පෙට්‍රල් නෞකාවක් ලගාවීමට නියමිතව ඇත්තේ ලබන 22 වනදා බවයි අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් කියා සිටියේ.

