පාස්පෝට් පෝලිමේදී දරු ප්‍රසූතියක් (වීඩියෝ)

පාස්පෝට් පෝලිමේදී දරු ප්‍රසූතියක් (වීඩියෝ)

බත්තරමුල්ල, ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, පාස්පෝට් පෝලිමේ රැඳී සිටි ගැබිනි මවක අද (7) අලුයම දරු ප්‍රසූතියක් සිදු කර තිබේ.

මෙම දරු ප්‍රසුතිය සිදු කර ඇත්තේ, හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවකි.

පෝලිමේ සිටි අදාළ කාන්තාව යුද්ධ හමුදා සෙබළුන් විසින් බොරැල්ල, කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබ ඇත.

රෝහලට ඇතුළත් කර සුළු වේලාවකදී ඇය දරු ප්‍රසූතිය සිදු කර ඇති අතර ඇය බිළිඳියක බිහි කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, මේ වන විට මව සහ දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබේ.

මෙම පෝලිම් ඉදිරිපිට දින ගණන් ජනතාවට රස්තියාදු වීමට සිදුවී ඇත්තේ මේ වන විටත් ආගමන විගමන දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි තරමේ විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් සංඛ්‍යාවක් ලැබීම හේතුවෙන්.

අදාළ කාන්තාව ද දින දෙකකට ආසන්න කාලයක් මෙම පෝලිමේ රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම රටපුරා තැන් තැන්වල නිර්මාණය වී ඇති මෙම ඉන්ධන පෝලිම් සහ අනෙකුත් පෝලිම් වල මේ වන විට මරණ 12 ක් වාර්තා වී ඇති අතර පෝලිමක සිටි කාන්තාවක් දරු ප්‍රසූතියක් සිදු කළ පළමු අවස්ථාව ලෙස ද මෙය වාර්තා වෙනවා.

COMMENTS