පොලීසිය කළ තවත් ඉල්ලීමක් අධිකරණය ඉවතදමයි – අන්තරේ පා ගමන කොළඹට

පොලීසිය කළ තවත් ඉල්ලීමක් අධිකරණය ඉවතදමයි – අන්තරේ පා ගමන කොළඹට

රටම කොළඹට – ජුලි 9 අරගලය යන්න තේමා කරගනිමින් කොළඹ දී හෙට (09) පැවැත්වීමට නියමිත විරෝධතාවට සහයෝගය දක්වා මේ වනවිටත් විවිධ ප්‍රදේශවල විරෝධතා සහ විරෝධතා පා ගමන් ආරම්භ කර තිබෙනවා.

මෙම තත්වය හේතුවෙන් කොළඹ – කොටුව අවට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදා ආරක්ෂාව දැඩි කර තිබෙන ආකාරයක් අද (08) පෙරවරුවේ සිට දැකගත හැකියි.

මේ අතර රොද බඳිමු – පන්නමු යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කරනු ලබන විරෝධතා පා ගමනක් අද දහවල් කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුලුවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.