ගෝල්ෆේස් අරගල භූමියටත් කදුළු ගෑස් ප්රහාර

ගාලු මුවදොර වටරවුමේ සිට ජනාධිපති මන්දිරයට ප්රවේශ වීමට ඇති පිවිසුම් මාර්ගය ඔස්සේ පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සහ ගැනීමේ දී ඔවුන්ට කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අතර ගාලු මුවදොර අරගල භූමිය මේ වන විට විරෝධතාකරුවන් විශාල වශයෙන් ඒකරාශී වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

