ලංකාවේ අරගලය විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන දැවැන්ත විරෝධතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දැඩි අවධානයක් යොමු කළේය. ලෝකයේ සෑම රටකම පාහේ ප්‍රධාන මාධ්‍ය ආයතන ඒ අතර විය.
ෆ්රාන්ස් 24 පුවත් සේවය, ශ්‍රී ලංකාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් ජනාධිපති රාජපක්ෂගේ නිල නිවසට කඩා වදිති මාතෘකාව යටතේ විරෝධතාව ආවරණය කළේය.

ඉන්දියන් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවසින් පලා යද්දී විරෝධතාකරුවෝ ඔහුගේ නිල නිවසට කඩා වදිති මාතෘකාව යටතේ විරෝධතාව ආවරණය කළේය

අල් ජසීරා පුවත් සේවය, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් ශ්‍රී ලංකාවේ විරෝධතාකරුවන් ජනාධිපති නිල නිවසට කඩා වදිති යන මාතෘකාව යටතේ විරෝධතාව ආවරණය කළේය.

බිබීසී පුවත් සේවය විරෝධතාකරුවන් මාලිගාවට කඩා වැදීමත් සමඟ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පලා යයි යන මාතෘකාව යටතේ විරෝධතාව ආවරණය කළේය.


