කොවිඩ් සිවුවැනි රැල්ල බිහිසුණු වෙයි

බංග්ලාදේශය සිවුවැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටින අතර මෙම සිවුවැනි කොරෝනා රැල්ල බිහිසුණු ස්වරූපයක් ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශ සෞඛ්‍ය බලධාරීන්ට අනුව එරට සිවුවැනි ‘කොවිඩ් 19’ රැල්ල ආරම්භ වූයේ පසුගිය ජූලි 1 වැනිදා සිට වන අතර මේ වනවිට නව ආසාදිතයන්ගෙන් එරට රෝහල් පිරී යමින් පවතී.
ගතවුණු දින 5 ඇතුළත වාර්තා වූ කොවිඩ් මරණ ගණන 32 ක් වන අතර වාර්තා වූ ආසාදිතයන් ගණන 2,500 පසු කර ඇත.
පසුගිය දින 5 ඇතුළත දෛනිකව වාර්තා වන ආසාදිතයන් ගණන 50 කට ආසන්න වී ඇත.
මෙම නව කොරෝනා රැල්ලට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදයේ උප ප්‍රභේදයක වන ‘බී.ඒ.5’ බව බංග්ලාදේශ සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.

