පොහොට්ටුවේ 16ක් ගෝඨාභයට යන්න කියයි – රනිල් පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවයි

පොහොට්ටුවේ 16ක් ගෝඨාභයට යන්න කියයි –  රනිල් පක්ෂ නායක රැස්වීමක් හදිසියේ කැඳවයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා.

එසේම අග්‍රාමාත්‍යවරයා කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව වහාම කැඳවන ලෙසයි.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

එමගින් ඔවුන් ඉල්ලා ඇත්තේ වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටයි.

මෙම ලිපියට මැති ඇමතිවරුන් වන ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර ආදිහු ද අත්සන් තබා තිබෙනවා.

COMMENTS